එංගලන්තයේ පෞරාණික හෝටලයක් මිලට ගත් ලංකාවේ සමාගම

Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් (Boutique) හෝටලයක් මිල දී ගෙන තිබෙනවා.

Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි යනාදී ක්ෂේත්‍රවල නිරතවන සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි.

එක්සත් රාජධානියේ Derby හි පිහිට ඇති Cathedral Quarter Hotel නම් මෙම බුටික් (Boutique) හෝටලය නිදන කාමර 38 කින් සමන්විතයි.

එක්සත් රාජධානියේ Derby හි වාණිජ දිස්ත්‍රික්කය වන St Mary’s Gate හි පිහිටා ඇති මෙම බුටික් හෝටලය මීට පෙර පොලිස් ස්ථානයක් සහ කවුන්සිල මූලස්ථානයක් ලෙසින් භාවිතයට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

2008 වසරේ දී The Finesse Collection විසින් එය බුටික් හෝටලයක් බවට පරිවර්තනය කර එහි ඇති Victorian mosaic floors, stained glass windows හා grand central staircase යනාදී අංගෝපාංග සුරැකිව ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙය Lavendish Leisure විසින් අත්පත් කර ගනු ලැබූ එක්සත් රාජධානියේ දෙවැනි හෝටලය වන අතර ඊට ශ්‍රී ලංකාවේ හෝටල් හයක් ද ඇතුළත් වනවා.

Boutique Hotelier වෙබ් අඩවිය මේ බව අනාවරණය කර තිබෙනවා.

පහත සබැඳිය හරහා ඔබට එය කියවීමේ හැකියාව පවතිනවා.

https://www.boutiquehotelier.com/the-finesse-collection-sells-derby-hotel-to-sri-lankan-group