ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

එම විරෝධතාවය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය බැනර් හකුළා ඉවත් කිරීම නිසා පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා.

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධය සංවිධානය කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!