විශේෂ මෙහෙයුමට පාතාලයන්ගේ ළඟ ම තුනක් අහුවෙයි

අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව, ඊයේ (19) රාත්‍රී සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතමයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී ද කංජිපාන ඉම්රාන්ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් ‘ගෝඩා රිස්වාන්’ යන සැකකරු ද හෙරොයින් මිලිග්‍රෑම් 6,400ක් සමග මාළිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව කජිමා වත්ත ක්‍රීඩාංගණය අසල දී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,620ක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩුකන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත නැමැති සැකකරුවෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!