කෝප් කමිටුවෙන් රෝහිත ඉවත් නොකළොත් හෙට උපාවසක්?

රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත් අබේගුණවර්ධ්න මහතා ඉවත් කරනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොකරන්නේ නම්, හෙට උදයේ උපවාසයක් කිරීමට සිදුව්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ නලීන් බණ්ඩාර මහතා පැවසුවේ මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ මන්ත්‍රීවරු හත් දෙනෙක් සභාපතිවරයාට විරෝධය පා ඔඉන් ඉවත් වී ඇති බවයි.

තමා ද කෝප් කමිටුවේ සාමාජිකයෙකු වුවත් ඉන් ඉවත් නොවී සිටින්නේ, සභාපතිවරයාව ඉවත් කිරීමට රජය පාර්ශ්වය කටයුතු කරන බව බලාපොරොත්තුවෙන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඔහු වැඩිදුර කියා සිටියේ, එවැනි පත් කිරීම් හරහා කෝප් කමිටුව මහ ජනතාව තුළ විහිලුවට ලක් වනු ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!