යළි හිස ඔසවන ඩෙංගු මාරයා

මෙම වසරේ ගත වූ මාස කිහිපය ඇතුළත දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21380ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අතරින් බස්නාහිර පළාතෙන් හදුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් ඇති බවත් බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම ඒකකය සදහන් කරනවා. එම සංබ්‍යාව 4597ක්.

මේ අතර යාපනය, මහනුවර, ගාල්ල ආදී ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් හදුනාගෙන තිබෙනවා.

මෙම වසරේ දී ඩෙංගු මරණ 9ක් සිදුව ඇති බව එම ඒකකය වැඩිදුරටත් සදහන් කරනවා.

පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානවමක් පවතින බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!