ජපන් සිහිනය සැබෑ කරගන්න අප්‍රේල් 20,21 මන්නාරමට එන්න

ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙර දරණ පුද්ගලයින්ට කදිම අවස්ථාවක් උදාවී තිබෙනවා.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන එළඹෙන අප්‍රේල් මස 20 සහ 21 යන දෙදින මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන නිත්‍යානුකූල ක්‍රමවේද කිහිපයක් හරහා ජපන් සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව උදාකර දී ඇති අතර එහිදී ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී වීසා පදනමක් යටතේ ජපානයේ රැකියා අවස්ථාවන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ජපානය අතර සිදු කරන ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු කරගැනීම සිදුවනවා.

එම පරීක්‍ෂණය සමත් වන්නන් සඳහා වසර පහක කාලයක් ජපානයේ රැකියාවේ නිරත වීමට අවස්ථාව උදා වනවා.

SSW වැඩසටහන යටතේ ජපානය විසින් රැකියා ක්ෂේත්‍ර 14 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් දැනට ක්ෂේත්‍ර 6 ක් සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම ක්ෂේත්‍ර 06යි,

1 හෙද සාත්තු සේවාව ( Nursing Caregiving )

2 ආහාර සේවා කර්මාන්තය (Food Service industry )

3 කෘෂිකර්මාන්තය (Agriculture )

4 ඉදිකිරීම් අංශය (Construction)

5 ගොඩනැගිලි පිරිසිදු කිරීම (Building Cleaning)

6 ගුවන් ක්ෂේත්‍රය (Aviation Firld)

වැඩිවිස්තර දැනගැනීමට අප්‍රේල් මස 20,21 යන දෙදින මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයට පැමිණෙන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!