ජනපතිවරණයට ලෑස්ති වන්න ජනපති කැබිනට්ටුවට දන්වයි

ජනාධිපතිවරණය මේ වසරේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ, පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

මේ අතර දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබෙන බවත් මීට අදාළ මාධ්‍ය වාර්තා පළ වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!