පාසල්වල පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි තවම නැත්ද ?

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

දුරකථන,ෆැක්ස් සහ ඊමේල් මගින් ඒබව දැනුම් දෙන ලෙසයි අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.

සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් කර ඇති අතර පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මගින් වහාම දැනුම් දිය හැකියි.

පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306
ෆැක්ස් – 0112784815
විද්‍යුත් ලිපිනය -epddistribution2024@gmail.com

නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573
විද්‍යුත් ලිපිනය – schoolsupplymoe@gmail.com

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!