අලුත් වුණු වට්ස්ඇප් එකින් ලැබෙන අලුත්ම වාසිය

මෙටා සමාගම සතු Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ තුළින් පරිශීලකයින්ට තම යහළු මිත්‍රාදීන්ට Video Note යොමු කිරීමට හැකියාව ලැබෙනවා.

එම සමාගම ප්‍රකාශ කරන්නේ තත්ත්පර 60ක Video Note එකක් යොමු කළ හැකි බවයි.

Whatsapp Chat එකක් තුළ ඇති Voice සංකේතය හරහා Voice Note එකක් යොමුකරන ආකාරයටම එහි ඇති Camera සංකේතය හරහා අදාළ Video Note ‌යොමු කළ හැකි බව තමයි ඔවුන් පවසන්නේ.

මෙලෙස යොමු කරන පණිවුඩය වෙනත් කෙනෙකුට ආපසු යැවිය නොහැකි ආකාරයට (Forward) හා අතිශය පෞද්ගලික බවින් යුක්තව තමයි එය සකස් වී තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!