ආණ්ඩුව දෙවන වරටත් නොමිලේ සහල් බෙදන කාලය

හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළේ පළමු වටය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

සහල් බෙදාදීමේ දෙවන වටය මෙම මැයි මාසය අවසන් වීමට පෙර දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!