ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කළ ඔහු පවසා ඇත්තේ, ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි.

පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!