පොලිස් ඇසට අහුවුණ ලොකු පැටීගේ ලංකාවේ කුඩු සෙල්ලම

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා පිළිවෙලින් වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 24,28,48 යන වයස්වල පසුවනවා.

ඔවුන්ව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (09) කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව, කැබැල්ල ගහවත්ත පාර ප්‍රදේශයේ දීයි.

සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල අවි දෙකක් , රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය හා මෝටර් රථ 02 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!