කොටුවේ ගොඩනැගිල්ල පොලිසියට අහිමි වෙයි

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මෙතෙක් පිහිටි කොටුව චෛත්‍ය පාරේ සිට, කොම්පඤ්ඤ විදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල වෙත යාමේ කටයුතු අද (15) ආරම්භ වුණා.

ඒ අනුව ගුවන් හමුදාවට අයත් එම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරීමේ කටයුතු නිල වශයෙන් අද සිදු කෙරුණා.

එම කටයුත්තට අදාළ පැවරීමේ ගිවිසුම් අත්සන් කිරීම සහ නිල වශයෙන් පැවරීම සිදු වුණේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ, පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන), එයා වයිස් මාසෙල් මනෝජ් කැප්පෙටිපොල යන මහත්වරු විසින්.

ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ල පැවරීමේ කටයුතු සිදු කෙරුණු අතර එය ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතරයි සිදු කෙරුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!