ඉවසීමෙන් සැනසීමක් නැතැයි කියා ග්‍රාම නිලධාරීන් ගත් තීරණය

දීමනා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මුළු දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවත් එම සංගමය සඳහන් කරනවා.

“ඉවසුවා ඇති” යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ ගැටලු පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද එම සංගමය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!