චීන ජනපතිගේ පළමු යුරෝපා සංචාරය ප්‍රංශයට (VIDEOS)

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රංශයේ සංචාරයක නිරතවනවා.

ඒ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන්.

එම සංචාරයට චීන ජනාධිපතිවරයාගේ බිරිඳ වන පෙන්ග් ලියුවාන් ද එක්ව සිටිනවා.

2019 වසරෙන් පසු චීන ජනපතිවරයා සහාභාගී වන පළමු යුරෝපා සංචාරය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පින් සර්බියාව සහ හංගේරියාවේද සංචාරයේ නිරතවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!