ගෝලීය සති සමුළුවට දින නියම වෙයි

ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක සතිමත්බව අභ්‍යාස කිරීමේ වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස ගෝලීය සති සමුළුව ලබන මැයි 3-4 දෙදින තුළ මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙනවා.

මෙම ජාත්‍යන්තර සමුළුවට යුරෝපා රටවල් ඇතුළු බොහෝ රටවල පිහිටුවා ඇති සති පාසල් සංවිධානවල නියෝජිතයො සහභාගී වීමට නියමිතයි.

ජීවිතයේ මුහුණ පෑමට සිදු වන ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස සිහිය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය පාසල් සිසුන්ට හඳුන්වා දීම මෙහි මූලික අරමුණ බවත් සතිමත් දේශයක් ගොඩනංවා, ලාංකික සතිමත් දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මෙම ගෝලීය සමුළුව පැවැත්වෙන කාලය තුළ දී අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාතාංශය මගින් නිකුත් කළ නිවේදනයේ සදහන්.

පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපාසල් පදනම හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.