තායි එයාර්වේස් යළිත් ලංකාවට

තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සේවා වසර හතරකට පසුව නැවත ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG 307 දරණ ගුවන් යානය ඊයේ දිවයිනට පැමිණියා .

මේ ගුවන් යානය රාත්‍රී 11.55 පමණ වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බවට අපට වාර්තා වුණා.

තායිලන්තයේ බැංකොක් නුවර සිටි පැමිණි එම ගුවන් යානයේ තායිලන්ත ජාතිකයින් ඇතුළු විදෙස් ජාතික සංචාරකයින් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා.

අද පෙරවරු 07.05ට තායි එයාර්වේස් ගුවන් යානය යළි එරට බලා පිටත්ව ගියා.

කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් සදහන් කළේ සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදුකරන බවයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!