රනිල්,මහින්ද සහ චන්ද්‍රිකා හමුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්වුණා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන්වහන්සේ ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙඹවනු ලැබුවා

පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක මහතා “පරිසරය සහ සංවර්ධනය”යන මාතෘකාවෙන් මෙහි ප්‍රධාන දේශනය සිදු කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මින් සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද, තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, විද්වතුන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!