දකුණු ආසියාවේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා .
එහි පළමු ස්ථානයේ හිමිව තිබෙන්නේ බංග්ලාදේශයටයි.

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවේ දෙවන ස්ථානය නේපාලයට, පස්වන ස්ථානය ඉන්දියාවට හා හත්වන ස්ථානය පාකිස්තානයට හිමිව තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන්නේ ප්‍රධාන මානයන් හතරක් ඔස්සේයි.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමි වෙන්නේ අයිස්ලන්තයට.

එහි දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත්, නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසු වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!