සෙලෙන්ස්කිගේ උපන් ගමට මිසයිල ප්‍රහාරයක් – 9ක් ජීවිතක්ෂයට

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ගේ උපන් නගරය වන Kryvyi Rih වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

තුවාල ලැබූවන් අතර ළමුන් පස් දෙනෙකු සිටින බවත් වාර්තා වනවා.

යුක්රේනයේ නීතිපති කාර්යාලය පවසන්නේ ඊයේ (12) සාමාන්‍ය මිනිසුන් වාසය කරන නේවාසික ගොඩනැගිල්ලකට මෙලෙස ප්‍රහාරයක් එල්ලූ බවයි.

සෙලෙන්ස්කි මහතා විපතට පත් අයගේ ඥාතීන්ට සහ මිතුරන්ට මෙසේ සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

සෑම දිනකම සහ සෑම පැයකම, රුසියානු ත්‍රස්තවාදය ඔප්පු කරන්නේ යුක්රේනය – එහි හවුල්කරුවන් සමඟ එක්ව – [රටේ] ගුවන් ආරක්ෂාව ශක්තිමත් කළ යුතුයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!