මෛත්‍රී නැති අතරේ ‘ඇමති සිරිපාල’ සභාපති පුටුවේ වාඩිවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වනවා.

පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පවත්වා මෙම තීරණය ගෙන ඇතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බවයි නිදහස් පක්ෂ වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!