අඩි 10,000ක් උඩු ගුවනේදී ‘යානයේ එංජින් කවරය ගැලවී’ සිදුවූ දේ

අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී බෝයිං 737-800 යානයක් ගමන් ආරම්භ කරන විට එංජින් කවරය ගැලවී තටුවක සිරවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට සමත්වූ බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මැක්ස් 737 මාදිලියට අයත් එම යානයෙන් එන්ජින් කවරය ගැලවී ඇත්තේ අඩි 10,000ක් පමණ ඉහළ අහසේ දීයි.

ඒවන විට මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලයේ 6දෙනෙක් සිට තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!