බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න

බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා.

මෙම තරගාවලිය තරග 2කින් සමන්විත අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින් 1-0ක් ලෙස පෙරමුණේ පසුවනවා.

අද තරගයට ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා නොසිතු පිළිතුරක් ලබා දුන්නා.

මාධ්‍යවේදියා – ශකීබ් තරගයට කැඳවීම ගැන හිතන්නේ?

ධනංජය – “මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.”

මාධ්‍යවේදියා – ඔයා දැන් ශකීබ් ගැන කියන්නේ නැද්ද?

ධනංජය ද සිල්වා – “මම මොකටද කියන්නේ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනි .”

මාධ්‍යවේදියා – ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්

ධනංජය ද සිල්වා – “මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. එයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.”

මෙම ප්‍රකාශය පිළිබඳව එරට මාධ්‍ය මේවනවිට විශාල ප්‍රචාරයක් ද ලබා දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!