ජාතික අවම වැටුප පන්දාහකින් වැඩි කරන්න යෝජනා

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර මහතා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දැනට රුපියල් 12,500ක පවතින අවම ජාතික වැටුප සිට රුපියල් 17,500 දක්වා ඉහළ දමන ලෙසයි අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

මේ අතර ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමට ද හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමට ද මෙහි දී නිර්දේශ කර තිබෙනවා.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් මෙම වැටුප් ඉහළදැමීම් නිර්දේශ කර තිබෙන බවයි කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමෙහි සඳහන් වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!