කොටුව මහේස්ත්‍රාත් ඝාතන තැතක් ගැන තොරතුරු එළියට

කොටුව මහෙස්ත්‍රාත්වරයා වන තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබෙනවා.

රාජ්‍ය ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම උපදෙස් ලබා දී ඇති අතර, එම රාජ්‍ය ඔත්තු කරුවා අදාළ ලිපිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ, මහේස්ත්‍රාත්වරයාව ඝාතනය කිරීම සඳහා යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනිඅවියක් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව එම තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකථන අංක සහිතව විස්තර දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, ගිනිඅවිය ඉල්ලා ඇත්තේ තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන් ඔහු ඉවරයක් කළ යුතු බව පවසමින් බවයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනයෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගෙන යන යුක්තියේ මෙහෙයුම පහරක් වදිනූ ඇති බවත් එය අඬාල කර ඔවුන් අපකීර්තියට පත් කිරීම මෙහි තවත් අරමුණක් බව ද එම ඔත්තුකරුවා එම ලිපියේ වැඩිදුරටත් දැනුම් දී තිබෙන බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!