විද්‍යා දැරියගේ ඝාතකයෙකුත් මරුට

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි තවකුමාර් නැමැත්තා මරණයට පත්ව තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් නිසා මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කළ පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා මරණ දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණා.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හත්දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!