බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියදී අත්හිටුවනු ලැබුවා.

මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශය ලකුණු 511ක් ලබාගත යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණයි.