බදු සහ බිල් අඩු කරයි – ජුනි මාසයේ දෙන සහන මෙන්න

ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවනවා.

විදුලි බිලට ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීම ලබාදීමට නියමිත සහන අතරවන බවයි වාර්තා වන්නේ.

මේ අතර මැතිවරණයක් ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට රජය බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!