කමල්, ශවේන්ද්‍ර සහ පීබී ‘ගෝඨාට’ ගේමක් ගැහුවා – ගෝඨාගේ හිටපු ලේකම් හෙළි කරයි

පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය කඩා බිඳ වැට්ටවීමට මුල් වූ ප්‍රධාන කුමන්ත්‍රණකරුවා, එවක ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනවා.

මේ අතර ඔහු පවසන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවයි.

ඔහු මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකවච්ඡාවකට එක් වෙමින්.

තව ද එදා මෙන් ම අදත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හොබවන ජෙනරල් කමල් ගුණරත්න සහ එවක හමුදාපතිවරයා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද ගැහුවේ ගේමක් බවයි, හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!