යුක්තිය ‘ශිරාන් බාසික්ගේ’ ප්‍රධාන ගෝලයෙක් අල්ලයි

විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ශිරාන් බාසික් ගේ ප්‍රධාන ගෝලයෙකු දෙහිවල දී අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

යුක්තිය මෙහෙයුම අනුව දෙහිවල සුමුදු රාජපක්ෂ මාවත ක්‍රිඩා පිටිය ඉදිරිපිට මාර්ගයේ දී කරන ලද වැටලීමක දී ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙම පුද්ගලයා ශිරාන් බාසික් නැමැත්තාගේ දෙහිවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයෙකු බවත් ජිව උණ්ඩ හා පිස්තෝල පතුරම් ගැබ් රැගෙන පලාගොස් සැගව සිටි නඩුවකට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවෙකු බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!