ගෙදරට ම පැන කතකගේ මූණ හපා, මාලය කඩා ගිහිං

අම්පාර හිගුරාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවසේ නිදා සිටි 71 හැවිරිදි කාන්තාවකගේ ගෙලට පිහියක් තබා, ඇයගේ මුහුණ සපා කා, ගෙල බැදි රන් මාලය කොල්ල කා, පලාගිය පුද්ගලයෙකු සොයා අම්පාර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (25) අලුයම මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, විශ්‍රාමික රාජ්‍ය නිලධාරිනියක වන මෙම කාන්තාව හිගුරාන මුවංගල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්ව තිබෙනවා.

අදාළ කාන්තාවගේ නිවසේ නාන කාමරයේ කවුළුවෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම කාන්තාව නිදා සිටි කාමරයට පැමිණ මෙම කොල්ල කෑම සිදු කර තිබෙනවා.

කොල්ලකරු මුහුණ ආවරණය කරගෙන පැමිණ ඇතැයි ද මෙම කාන්තාව පොලිසිය හමුවේ කළ පැමිණිල්ලේ සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!