‘අයියෝ සාමි’ට ජාත්‍යන්තර ඇගයීමක්

ඉකුත් සමයේ මෙරට තුළ අතිශය ජනප්‍රිය ගීතයක් වූ “අයියෝ සාමී” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වී තිබෙනවා.

ඒ දකුණු ඉන්දියාවේ, චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේ දී, 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨත ම සංවේදී ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්.

මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි අතර, එම සම්මාන උළෙල සඳහා එම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද එක්ව තිබුණා.

ඇයව පිළිගැනීම සඳහා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විශාල පිරිසක් එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!