දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත වෙයි

ගාල්ල – කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට ටික වේලාවකට පෙර විවෘත කරනු ලැබුවා.

එම රෝහල සැලකෙන්නේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙසයි.

ඇඳන් 640කින් සමන්විත වන මෙම රෝහලෙහි, ශල්‍යාගාර හයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, දැඩි සත්කාර ඒකකයක්, ළමා රෝග ඒකකයක් සහ අනෙකුත් නවීන පහසුකම් රැසකින් සමන්විතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!