ලංකාවට එන විට අනතුරට ලක්වූ නැවේ අන්තරායකර ද්‍රව්‍ය ?

අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ භාණ්ඩ නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 වසරේ සිට තවත් අනතුරු තුනකට ලක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පාලමෙහි ගැටීමෙන් පසු නෞකාවේ අසුරා තිබු බහාලුම් 13කට හානි සිදුවී ඇති අතර, ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට අනුමාන කරමින් අන්තරායකර ද්‍රව්‍ය සම්බන්ධව පුහුණුව ලැබූ අමෙරිකානු වෙරළාරක්ෂක කණ්ඩායමක් ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තාවනවා.

අමෙරිකානු රජයේ තොරතුරුවලට අනුව අනතුරට ලක්වීමෙන් පසු එම නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් ද මතු වී ඇති අතර, එම අවදානම පිළිබඳ වෙරළාරක්ෂක කණ්ඩායමේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!