ලොව විශාලතම සර්පයාව ‘වෙඩි තබා’ මරා දැමූ හැටි

මීට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ ඇමසන් වැසි වනන්තරයෙන් හමු වූ ලොව විශාලතම සර්පයා ඔබට මතකද ?

අඩි 26ක් දිගැති මේ සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබෙනවා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇගේ නම ඇනා ජූලියා.

කිලෝග්‍රෑම් 199.58ක් බරැති මේ කොළ පැහැති ඇනකොන්ඩා වර්ගයේ ගැහැනු සර්පයාව සොයා ගැනීමෙන් පසුව තමයි මේ නම තිබ්බේ.

කුණු බ්‍රසීලයේ බොනිටෝ නමැති ග්‍රාමීය ප්‍රදේශයකින් ගලා යන ෆෝර්මොසෝ ගංගාවේ පාවෙමින් තිබියදී තමයි ඇනා ජූලියාගේ සිරුර සොයාගෙන තිබෙන්නෙ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!