පුද්ගලයෙකුගේ පෙණහල්ලේ දතක්

බලංගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයක දී, මිය ගිය තැනැත්තෙකුගේ පෙණහල්ලේ තිබී දතක් හමු වූ පුවතක් වාර්තා වනවා.

මරණකරු වසය අවුරුදු 59ක අයෙක් වන අතර ඔහු කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම මරණකරු බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචිව සිටි අයෙකු වන අතර මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත්, නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් පුවත් වාර්තාවල දැක්වෙනවා.

එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයේ දතක් ගැලවී ගොස් පෙණහැල්ලේ සිරවී ඇති බවට සැක කෙරෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!