හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ‘ඒකරාශී කරන්න’ නියෝගයක් ?

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා ඒකරාශී කරන ලෙස කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කර තිබෙනවා.

දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සරවනන් මේබව සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

හිටපු නායකයෙක් නියෝග කළහොත් අනිවාර්යයෙන් ම ඔවුන් පැමිණෙනු ඇති බවත් සරවනන් එහිදී පවසා තිබෙනවා.

සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!