පොලිසියට දෙමළ බසින් පැමිණිලි කරන්න දුරකතන අංයක්

ශ්‍රී ලංකා පොලිසිය වෙත දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා තිබෙනවා.

ඒ අනුව එම සේවාව සඳහා 107 යන පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිල්ල යොමු කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!