ශ්‍රී ලංකාවට වේගපන්දුව පුහුණු කරන්න පාකිස්ථාන ප්‍රබලයෙක්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ආකිබ් ජාවිඩ් පත් කර ඇතැයි වාර්තා වනවා.

එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන තෙක් ඔහු ජාතික කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වන්නේ.

ජාවිඩ් පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 163කට සහ ටෙස්ට් තරග 22කට ක්‍රීඩා කළ ජාත්‍යන්තර කඩුලු 236ක් ලබා ගත් ක්‍රීඩකයෙක්.

එමෙන් ම ජාවිඩ් 1992 ලෝක කුසලාන ජයග්‍රාහී පකිස්ථානයේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

කලක් පාකිස්ථාන ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ජාවිඩ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!