ආර්ථික අර්බුද නිසා ලංවීම ඉංජිනේරුවන් 159ක් රට හැර ගිහිං

2022 ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ, ලංකා විදුලි බල බණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 දෙනෙකු විදේශගත වී ඇති බව එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය කියා සිටියේ, පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බවයි.

විදෙස්ගත වූ ඉංජිනේරුවන්ගෙන් 105 දෙනෙකු සේවයෙන් ඉවත් වීමෙන් හා ඉතුරු 50 දෙනා නිල වශයෙන් නිවාඩු අයදුම් කිරීමෙන් පසු විදෙස් ගත වී තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි බල මණ්ඩලයේ සේවයට ඉංජිනේරුවන් දහසක් අවශ්‍ය වුවත් දැනට සේවයෙන් යුතු සිටින්නේ ඉංජිනේරුවන් 744ක් පමක් බවත්, පවතින තත්ත්වය මත විදුලි ඉංජිනේරුවන් දිනකට පැය දහයක් හෝ දොළහක් කිසිදු අමතර ගෙවීමකින් තොරව සේවය කරමින් සිටින බව ද එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා එහි දී සඳහන් කළා.

මෙම ඉංජිනේරු හිඟ‍ය හේතුවෙන් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයද අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත්, එම බලාගාරය සඳහා කොන්ත්‍රාත් පදනමින් ඉංජිනේරුවන් පහළොවක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!