අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ගැන පැමිණිලි කරන්න නව ක්‍රමයක්

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසන්නේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අද දිනයේ සිට අවස්ථාව හිමිවන බවයි.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුව ම එංගලන්තයේ “Internet Watch Foundation” නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදු වන අතර එම ආයතනය මගින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

එමෙන් ම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදු කර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!