ජාවරම්කරුවන්ට හසු නොවී රට යන විදිහ කියන්න පොළොන්නරුවට ජංගම සේවාවක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ජංගම සේවා වැඩසටහන් මාලාව එළඹෙන මාර්තු 16 සහ 17 යන දිනවල දී පැවැත් වෙනවා.

එහි සමාරම්භක උළෙල මාර්තු 16 වැනි දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිමට නියමිතයි.

මේ සඳහා එම අමාත්‍යංශය යටතේ පවතින සියලු ම ආයතන සහභාගි වන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ද සිය දායකත්වය ලබා දෙනු ඇති.

මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සුබසාධක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මීට සමගාමීව මෙහි දී විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය, පාසල් උපකරණ ලබ අදීම සහ ප්‍රදේශයේ පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ලබා දීමක් ද සිදු කෙරෙනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!