නඩුව ඉවර වෙන තුරු කෙහෙළියට ඇප නැහැ!

නඩු විභාගය අවසන් වනතෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ, නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ, අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!