ගුරුවරුන්ට මොඩියුල විස්සක් අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය (ගුරු අධ්‍යාපන පරිපාලන) නිකුත් කළ ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඊයේ (දෙසැ. 25) අවලංගු කර තිබේ.
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපදෙස් මාලාවක් නුදුරේදී නිකුත් කරන බව අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ගුරු සේවා ව්‍යවස්ථානුකූලව ගුරු කාර්යක්ෂමතා කඩඉම් සඳහා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක පවත්වනු ලබන මොඩියුල වැඩසටහන පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) ඩබ්ලිව්.එස්.පී.එම්. දිසානායකගේ අත්සනින් යුතුව පසුගිය 17 වන දා ලිපියක් මගින් දැනුම් දී තිබිණි.
සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් ආමන්ත්‍රණය කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුම්දී තිබුණේ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා (EB 1, EB 2, EB 3ට අදාළව) මොඩියුලර් 20ක් හැදෑරිය යුතු බව ත් ඒ සඳහා අදාළ ගුරුවරුන් ඔවුන් අයත් කලාපයේ ගුරු වෘත්තීය මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු බව ත් ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (ආයතන) නායකත්වයෙන් පසුගිය 13 වන දා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව එහි දක්වා තිබේ.
දැනට ක්‍රියාත්මක මොඩියුලර් වැඩසටහනට සහභාගී නොවූ ගුරුවරුන් තවදුරටත් පළාත්වල සිටින අතර 2025.06.30 දින දක්වා කාර්යක්ෂමතා කඩඉම් විභාගය හැදෑරීමට සිටින ගුරුවරුන් හඳුනාගෙන කඩිනමින් ගුරු වෘත්තීය මධ්‍යස්ථානවලට යොමුකරන ලෙසත් අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබිණි.