රත්නපුර මහා සමන් දේවාලයේ වියහියදම් සම්බන්ධයෙන් විගණනයක් කරන බවට ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර මහතා තමන්ට පොරොන්දු වී යැයි රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානය පවසයි.
මහා සමන් දේවාලයේ වැඩකටයුතු ගැන එම සංවිධාන සාමාජිකයන් සමග කළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.
දේවාලයට අභිනව බස්නායක නිලමේවරයෙකු පත් කර ගන්නා තෙක් ඉදිරි මාස තුනක කාලය සඳහා එම ධූරයේ වැඩ කටයුතු තාවකාලික භාරකාරත්වයක් යටතට පත් කරන ලෙස රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධාන සාමාජිකයන් මන්ත්‍රීවරයා හමු වී ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩු නියෝජනය කළ ඇතැම් දේශපාලකයන් කළ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් එම ධූරය සඳහා නුසුදුසු පුද්ගලයන් තේරී පත් වූ බව ත් එවැනි තත්ත්වයක් ඉදිරියේදී අපේක්ෂා නොකරන බව ත් සංවිධාන සාමාජිකයෝ මන්ත්‍රිවරයාට පවසා තිබේ.
එහිදී රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තම රජය යටතේ ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවන බව ය.
වත්මන් බස්නායක නිලමේවරයාගේ නිල කාලය අවසන් වූ පසු මාස 3ක කාල සීමාවක් සඳහා වැඩ බැලීමට ස්වාධීන පුද්ගලයෙකු පත් කරන බව ද පසුගිය වියහියදම් සොයා බැලීම සඳහා අපක්ෂපාතී විගණනයක් කිරීමටද සැලසුම් කර ඇති බව ද එහිදී ශාන්ත පත්මකුමාර පවසා ඇත.
එයින් පසුව ඡන්දයකින් නව බස්නායක නිලමේවරයා පත් කර ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.