සතොසේ ප්‍රවාහන පාඩුව කෝටි 26 පන්නයි

ඉකුත් සිව් වසරක කාලය (2019 සිට 2022 දක්වා) තුළ සමුපකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය රුපියල් 267,314,932ක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කර ඇති වාර්තාවක සදහන් වනවා.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රවාහන අංශය දිගින් දිගට ම පාඩු ලබමින් පවතින බවයි.

මේ අතර ඉකුත් 2022 වර්ෂය තුළ පමණක් සමුපකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් 75,143,787ක් වන අතර එය 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් 25,124,949ක්.

තව ද සතොස ප්‍රවාහන අංශය 2019 වර්ෂයේ දි රුපියල් 69,742,863ක අලාභයක් සහ 2020 වර්ෂයේ දි 72.409,444ක පාඩුවක් ලබා ඇති බව එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!