සංගක්කාර කොල්කටා කණ්ඩායමට

IPL ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

KKR කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කෙරුණු නිසා මේ වනවිට කොල්කටා කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වී පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව කොල්කටා කණ්ඩායමේ සම හිමිකරු ලෙසින් කටයුතු කරන ෂාරුක් ඛාන් සහ සංගක්කාර අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සඳහන් වනවා.

2021 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසින් එක්වූ සංගක්කාර ඉදිරියේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිත බව සඳහන්.

ඒ හේතුවෙන් රාජස්ථාන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් විස්සයි20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට රාජස්ථාන් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

2022 සහ 2023 අයි.පී.එල්. අදියරයන්හි ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගාම්භීර්, 2024 වසරේදී කොල්කටා හා එක් වුණා .

වත්මන් අයි.පී.එල්. ශූරයන් ලෙසින් කොල්කටා කණ්ඩායම මෙහෙවීම සඳහා ගාම්භීර්ගෙන්ද සුවිශේෂී දායකත්වයක් ලැබුණා.