සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහත්මිය මිය වන විට 80 වැනි වියේ පසුවුණා.

සිය උපන් ගම වන මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් අමෙරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය මහතා එම පුවත සැලවීමත් සමග යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වනවා.

අවසන් කටයුතු ලබන බදාදා (05) මාතරදී සිදුකිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!