රුසියානු හමුදාවට විශාල පිරිසක් එක්වේ – ලාංකිකයින් ගැන තොරතුරු ඉල්ලයි

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සතුව තොරතුරු නොමැති බැවින් මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව හෝ තුවාල ලබන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය පවසනවා.

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රුසියානු හමුදාවට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් බඳවාගැනීම මේ දිනවල බහුලව සිදුවන අතර ඉන් බොහෝ පිරිසක් සංචාරක වීසා මත රුසියාවට පැමිණ ඇති පුද්ගලයන් වනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!