මතීෂගේ සුපිරි පන්දු යැවීම හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් ජය ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් ලකුණු 20කින් පරදා ජය හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් මතීෂ පතිරණ එහිදී තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත් අතර මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!